Sunday, February 15, 2026
Follow Us
විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා විදුලි කප්පාදුවක්


අද (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (23) පස්වරුවේ පැවසීය.

ඒ මහතා පැවසුවේ බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම ඊට හේතුව බවයි.
පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ද, සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බවත් රත්නායක මහතා පැවසීය.

(Aruna)