Friday, April 10, 2026
Follow Us
ඩීසල් නැවට සල්ලි ගෙවයි

ඩීසල් හිඟය නිමයි


ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් ගෙවා නිදහස් කර ගත් මෙම නෞකාවේ අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ගොඩබෑම අද (23) පස්වරුවේ ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා සඳහන් කළේය.

මේ අනුව තවත් දින දෙකක් තුළ දැනට පවතින ඩීසල් හිඟය මඟහැරෙනු ඇති බව ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය.

(Aruna)