Sunday, February 15, 2026
Follow Us
බහු විවාහ අවසරය නවතී

මුස්ලිම් විවාහ පනතට සංශෝධන ගැන ඇමතිලා ගත් තීරණය


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරන එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

එම පනත සඳහා සංශෝධන එක් කිරීමේ දී කාති උසාවි තහනම් කිරීමට සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීමට මුස්ලිම් ප්‍රජාව විරෝධය පළ කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කළේය.

ඊට විරෝධය පළ කළ සරත් වීරසේකර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ එක රටක එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ලැබෙන තුරු සංශෝධන ගෙන ඒම නතර කළ යුතු බවයි.

එක් එක් ජන කොට්ඨාසවලට වෙන් වූ නීති සකස් කිරීමට සිය විරෝධය පළ කරන බව ඇමැති සරත් වීරසේකර කියා සිටියේය.

එහෙත් එක් එක් ජාතින්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග තිබෙන බැවින් නීති පැනවීම ගැටලුවක් නොවන බව ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

‘‘ප්‍රංශයේ බුර්කාව තහනම් කරන විට සංගණනයක් කළා. කාන්තාවන්ගෙන් 30%ක් පමණක් බුර්කාවට කැමැත්ත පළ කර තිබුණා ලංකාවේද 10%ක් පමණ බුර්කාව පලඳින්නේ නැහැ.’’ යනුවෙන් ඇමැති සරත් වීරසේකර පෙන්වා දුන්නේය.

(Aruna)