Sunday, February 15, 2026
Follow Us
බූස්ටර් ගත්තත් මාස්ක් අනිවාර්යයි - සෞඛ්‍ය අංශ කියයි

බූස්ටර් මාත්‍රාව ලබාගත්තද සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ අතරින් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ යම් අඩුවක් ඉකුත් සමයේ දක්නට ලැබුණු බැවින් ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා විශේෂ වැඩසටහන් පවා ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි ඔහු පැවසුවේ.

ඊයේ දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,206 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

(Neth)