මිල වැඩිවීම රාජ්‍ය ඇමති පිළිගනී
කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක් මෙන්ම ඒවායේ හිඟයක්ද පවතින බව තමන් පිළිගන්නේ යැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ, වතුකරයේ ජනතාව සඳහා තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
උඩරට වතුකරයේ ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මකකළ රජයේ සහනාධාර සුබසාධන යෝජනා ක්‍රමය යටතේ තිරිඟු පිටි ලබාදීමේ සමාරම්භක උත්සවය (20) පැවැත්වුණි.
ඒ තලවකැලේ, වටගොඩ මඩකුඹුර වතුයායේදීය.
(Aruna)