Sunday, February 15, 2026
Follow Us
ඔෆිස් වේලාවන් වෙනස් වෙයි ?

කාර්යාල වේලාවන් ගැන තීරණය හෙට


කාර්යාලවල රාජකාරී ආරම්භ කිරීමේ වේලාවන්හි වෙනසක් සිදුකළ යුතු ද යන්න පිළිබඳ හෙට (21) පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රථවාහන තදබදය අවම කිරීමේ පියවරක් ලෙස කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා පැවසුවේය..

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට එම අරමුදලින් සියයට 30 ලබාගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

(Aruna)