Monday, February 16, 2026
Follow Us
වාහන භාවිතය සීමා කරමින් නව චක‍්‍රලේඛයක්

සියලු රාජ්‍ය ආයතන වලට නව උපදෙස් මාලාවක්


විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද උපදෙස් දී තිබේ .

පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)