ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි
එහි දක්වා ඇත්තේ, ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීහු පත්කර ඇති බවය.
නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බව සඳහන් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
(Aruna)