Monday, February 16, 2026
Follow Us
අලුත් අවුරුද්දට පෙර ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පරිසර ඇමති සැරසේ

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අදාළ නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

පරිසරයට අහිතකර තවත් පොලිතීන් නිෂ්පාදන රැසක් ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.

(Neth)