රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
එහි සභාපති නීල් ද අල්විස් පැවසුවේ මෙම කන්නයේදී වී අලෙවි මණ්ඩලය මිලදී ගැනීමට අපේක්ෂා කරන වී මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක ඉලක්කය ළඟාකර ගැනීමට පහසුවෙන් හැකිවනු ඇති බවයි.
වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීමේදී ගොවීන්ට පහසුකම් රැසක් සපයා ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
(Neth)