“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය, විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණා.
ඒ සඳහා කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විදර්්‍යාර්තයින් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මන නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු එහිදී සඳහන් කර ඇත්තේ.
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය හමුවේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ද අදහස් පළකර තිබෙනවා ඔවුන් පෙන්වා දී ඇත්තේ එක රටක් එක නීතියක් සඳහා යන ගමනේදී නිති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටළුවක් බවයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙසට ද එම විශ්ව විද්‍යාල සිසුන් එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
විවිධ ජනවර්ග, සංස්කෘතීන් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් මෙන්ම වටිනාකමක්. කිසිඳු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානාත්මතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව පිළිබඳ එහිදී අදහස් දැක්වූ කොළඹ නීතී පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න පෙන්වා දී තිබෙනවා.
එක රටක් - එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ උපරිම සහය ලබාදෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් - එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාර්ය සාධන බලකාය ස්ථාපනය කරනු ලැබුවා.
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය දිවයිනේ විවිධ පළාත් ආවරණය කරමින් තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගනිමින් සිටිනවා.
(Neth)