Monday, February 16, 2026
Follow Us
තෙල් සංස්ථාවට තෙල් මිලදී ගන්න සල්ලි නෑ

වාහන තියෙන අය ලොකු අමාරුවක වැටෙයි


වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් සහ සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම පාඩුව කොහෙන් හෝ පියවිය යුතු බව අමාත්‍යවරයා සදහන් කරයි.

බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්නේ භාණ්ඩාගාරයෙන් මෙය සහනාධාරයක් ලෙස ලබා නොදෙන්නේ නම් අදාල පාඩු ලබන ගණන්වලින් ඉන්ධන මිල වැඩි කල යුතුව ඇති බවයි.

(Aruna)