Friday, April 10, 2026
Follow Us
ඩෙංගු වෙනස් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්


ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාලය වෙනස් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තද උණ පවතී නම් පැය 24 ක් ඇතුළත වෛද්‍ය උපදෙස් කරා යොමුවන ලෙස එහි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9,609 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් ක‌ළා ය.

(Aruna)