ඉන්ධන රැගත් නෞකා 02 ක් අද සහ හෙට දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 70,000 ක් පමණ එම නෞකා මගින් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම ඉන්ධන නෞකා සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලැබී ඇත්දැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් ප්‍රශ්න කළා. ඊට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
යම් ආකාරයකින් අදාළ නෞකා සඳහා නියමිත මුදල ගෙවීම ප්‍රමාද වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව ද එහිදී ප්‍රකාශ කෙරුණා.
(Neth)