Monday, February 16, 2026
Follow Us
රටේ තැන තැන ඉන්ධන හිඟ වෙයි - ඉන්ධන සඟවා ඇතැයි ඇමති කියයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි වුණා.

එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග නිකුත් නොකර තිබීම ඊට හේතුවී ඇති බවයි.

(Neth)