Monday, February 16, 2026
Follow Us
බූස්ටර් එන්නතට පසු තවත් එන්නත් මාත්‍රාවක්

මෙරට එන්නත්කරණය ගැන අලුත්ම පණිවුඩය


විශේෂ අවස්ථාවක් හේතුවෙන් පිරිසකට බූස්ටර් එන්නතින් මාසයකට පසු තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව විදෙස් ගතවන සයිනොෆාම් එන්නත් 2ක් ලබාගෙන ෆයිසර් බූස්ටර් මාත්‍රාව ගත් පිරිසට තවත් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා දෙන බව ඔහු සඳහන් කරයි

“විදේශ රටවල තිබෙන නීතිරීති අනුව සමහර එන්නත් වර්ග ඔවුන් පිළිගන්නේ නෑ. උදාහරණයක් විදිහට සයිනොෆාම් එන්නත ඇතැම් රටවල් පිළිගත්තේ නැති අවස්ථා තිබෙනවා.”

“දැනට සයිනොෆාම් එන්නත් 2ක් අරගෙන ෆයිසර් බූස්ටර් එන්නතත් ලබාගත් අයට තව මාසෙකට පස්සේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රාවක් දෙන්න අපිට සිද්ධ වෙනවා.”

“මොකද නැත්තම් ඒ අයට විදෙස්ගතවීමට හැකියාවක් නෑ.”

“ඒ ඒ රටවල අනුමත එන්නත් ගැන විදේශ අමාත්‍යාංශයෙන් අපිට දැනුම්දීමක් කරනවා. ඒ අනුව විදෙස්ගත වෙනවා කියන සාධක ඔප්පු කරන්න පුළුවන් නම් ඒ ශ්‍රී ලාංකිකයින් සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙනවා.”

“හතරවෙනි එන්නත් මාත්‍රාවක් ගැන අපි තවමත් කතා කරන්නේ නෑ. මෙය විශේෂිත වූ කාරණයක් පමණයි.”

“සමහර රටවල මේ වනවිට 4වන එන්නත් මාත්‍රාව ලබාදෙන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් අපි තවමත් ඒ ගැන සාකච්ඡාවක් කරලා නෑ.”

(Aruna)