Monday, February 16, 2026
Follow Us
එන්නත මගහරින අය ගැන ඔත්තු දෙන්න පුළුවන්

සියලුම රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්


පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ අයට පොදු ස්ථානයන්ට යා නොහැකි වන ලෙස නීති සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමග සියලුම රාජ්‍ය නිලධාරින් අප්‍රේල් අවසන් වීමට ප්‍රථම පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සියලුම රාජ්‍ය ආයතනයන් පොදු ස්ථානයන් වන බැවින් එම ස්ථානයන් හී රාජකාරිය කරන සියලුම දෙනා එන්නත්කරණයට ලක්විය යුතුයැයි සංගමයේ සභාපති උපුල් රෝහණ අවදාරණය කරයි.

රාජ්‍ය ආයතනයක් වෙත කිසියම් රාජකාරියක් සඳහා යන ඕනෑම පුද්ගලයකුට අදාළ ආයතනයේ නිලධාරීන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින්නේ ද යන්න පිළිබඳව විමසීමේ අයිතියක් ඇති බවත් එසේ විමසන අවස්ථාවේදී එම නිලධාරියා පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළහොත් අදාළ නිලධාරියාට විරුද්ධව නිරෝධායන පනත යටතේ ක්‍රියා මාර්ගයක් ගත හැකි යැයි උපුල් රෝහණ සඳහන් කළේය.
එන්නත්කරණයට ලක් නොවීමට පුද්ගලයකුට අයිතියක් ඇතත් තවත් පුද්ගලයකුගේ ජීවිතය අනතුරේ හෙළීමේ අයිතියක් නැති බව ද හෙතෙම පෙන්වාදේ.

(Aruna)