Monday, February 16, 2026
Follow Us
දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ගෘහ සුපිරි වෙළෙදසැල් ජාලයක්

දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ගෘහ සුපිරි වෙළෙදසැල් ජාලයක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සදහා සෑම ගමකින්ම එක් කාන්තාවක බැගින් තෝරාගෙන ඇයගේ නිවසේ කොටසක මෙම වෙළෙදසල ආරම්භ කිරිමට නියමිතයි.

අදාල නිවසේ කොටස අලුත්වැඩියා කිරිම හෝ නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පහසුකම් සැලසේ.

ඒ සදහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15 දහසක්.

වෙළෙදසැලට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සමුපකාර සමිති මගින් සැපයෙන අතර පරිගණක ජාලයක් ඔස්සේ සියලු ගෘහ සුපිරි වෙළෙදසල් සම්බන්ධ කෙරේ.

මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයන් 14 දහසක් බිහිකිරිම සදහා පාරිභෝගික කටයුතු සහ සමුපාකාර අමාත්‍යාංශය ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

(Neth)