Monday, February 16, 2026
Follow Us
දෝෂ සහිත දුම්රිය එන්ජින් ගැන වාර්තාවක් කැඳවයි

ඉන්දියාවෙන් ආනයනය කළ දෝෂ සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ධාවනබල උප දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම දුම්රිය එන්ජින් සහ මැදිරි පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, ජනාධිපතිවරයාව නොමග යැවිමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම යහපාලන රජය සමයේ මිලදී ගත් දුම්රිය මැදිරිවල දෝෂ පවතින බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද ඊයේ ප්‍රකාශ කළා. පවතින තත්ත්වය පිළිබද අදාළ උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙදෙනාගෙන් වාර්තාවක් කැඳවූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළේ.

(Neth)