වී තොග, වී අළෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන යාමට නොහැකි ගොවීන් සදහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට යුද හමුදාව එකඟතාව පළ කර තිබෙනවා. තමන්ගේ වී තොග ප්‍රවාහනය කිරීමට නොහැකිව සිටී නම් ඒ පිළිබදව අදාළ ප්‍රදේශයේ වී අළෙවි මණ්ඩලයේ නියෝජිතයා වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මෙහිදී ඉල්ලීමක් කළේ.
වී අළෙවි මණ්ඩලය විසින් තොග ලබාගැනීමේදී ඒ සදහා ප්‍රමිතීන් හදුන්වා දී තිබෙනවා. තමන් විසින් ලබාගන්නා වී තොගවල පවතින තෙතමනය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. මේ හේතුවෙන් වී අළෙවි මණ්ඩලය වෙත තොග ලබාදීමට ගොවීන් මැලිකමක් දැක්වීම දිගින් දිගටම සිදුවූ කරුණක්.
මෙවර වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම වී අළෙවි මණ්ඩලයේ ඉලක්කය වී තිබෙනවා. ඉකුත් සති දෙක තුළ පමණක් වී මෙට්ට්‍රික් ටොන් 35, 000 ක් මිලට ගෙන ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)