කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහැර සංවිධාන කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්.
මෙවර ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්ථන කණ්ඩායම්වලින් සහ අලි ඇතුන්ගෙන් වර්ණවත් වී තිබුණා.
බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීම සහ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමනා බලපත්‍රයක් මගින් එම විහාරස්ථානය වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
(Neth)