Monday, February 16, 2026
Follow Us
සිව්වන මාත්‍රාවක්

විදෙස්ගත වන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටදී ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මීට පෙර ඕස්ට්‍රේලියාවට වැනි රටවල උසස් අධ්‍යාපනය සදහා පිටත්ව යන සිසුන්ට එවැනි විශේෂ එන්නත්කරණයක් සිදුකළ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. ඒ අනුව එවැනි එන්නත්කරණයක් අවශ්‍ය වන්නේ නම් විදෙස්ගත වන පුද්ගලයින්ට සිව්වන මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ පිළිබඳ දැනුම්දී තිබෙනවා.

මේ අතර මේ දිනවල ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග ඩෙංගු ව්‍යාප්තිය ද ඉහළ යමින් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1, 217 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ 31, 816 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 25 ක්.

(Neth)