Monday, February 16, 2026
Follow Us
විදුලි බිල් නොගෙවූ පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

බිල්පත් නොගෙව්වොත් විදුලිය විසන්ධි කෙරේ


විදුලි බිල්පත් ගෙවීම මඟහැර ඇති පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙට (17) දිනයේ අදාළ නියෝගය නිකුත් කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනි නාළිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින්.

“විදුලිබල මණ්ඩලයේ සහ ලෙකො එකෙයි පාරිභෝගිකයින් නොගෙවූ බිල්පත් මුදල රුපියල් බිලියන 50ක්. මේක කරන ක්‍රමයක් තියෙනවා. මේක බේරගන්න ඕනේ.”

(Aruna)