Monday, February 16, 2026
Follow Us
සහල් මිල පහල බසියි

මරදගහමුල සහල් වෙළඳපොළෙහි සහල් මිල මේ වන විට පහත ගොස් තිබෙනවා. මීට පෙර රුපියල් 160 ත්, 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද වන විට සඳහන්ව ඇත්තේ රුපියල් 140 ක් ලෙසයි.

රුපියල් 155 ක් වැනි මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 138 ක් දක්වා පහත බැස තිබෙනවා. මරදගහමුල සහල් වෙළඳුන් පැවසුවේ සහල් අලෙවියේද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. ඊට හේතුවී ඇත්තේ සතොස මඟින් අඩු මිලට සහල් අලෙවි කිරීමයි.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ මෙවර මහ කන්නයේදී රජය අපේක්ෂා කළාට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී ඇති බවයි. මෙවර වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීම ඉලක්කය වී ඇති බවත්, ඉකුත් සති දෙක තුළ පමණක් වී මෙටි්‍රක් ටොන් 35,000 ක් මිලට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

(Neth)