“රටට පන දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා.
එහිදී විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාලව මෙහිදී සම්මාන පිරිනැමූ බවයි ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව මහා පරිමාණ, මධ්‍ය පරිමාන, කුඩා පරිමාන ක්ෂේත්‍ර විස්සකට අදාල ස්වර්ණ රජත සහ ලෝකඩ සම්මාන මෙහිදි පිරිනැමුවා.
මෝටර් රථ එකලැස් කිරීමේ කර්මාන්තය දිිරි ගන්වනු පිරිස එම ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් තිදෙනෙකු සහ රාජ්‍ය අංශයේ සමාගම් තුනක් විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබුවා.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ දේශීය කර්මාන්ත අන් කවරදාටත් වඩා වර්තමනායේ පිබිදීමට ලක්වෙමින් ඇති බවයි.
ජනාධිපතිවරයා බලයට පත් කළේ අපේ කම රැකගනිමින් යන ගමනක් වෙනුවෙන් විශ්වාසය තබමින් බවත් ඉදිරියටත් එම විශ්වාසය මත කටයුතු කරමින් දේශීය කර්මාන්ත නගා සිටුවීමේ වගකීම රජය සතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)