Monday, February 16, 2026
Follow Us
අගමැති ප්‍රධානත්වයෙන් ගංගාරාමයේ පෙරහර ඇරඹෙයි

වාර්ෂික නවම් පෙරහර


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඇරඹිණි.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන්ද එක්ව සිටියහ.

පළමුව ගංගාරාම විහාරයේ පැවති ආගමික වතාවත්වලට එක්වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබීය.

ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් විහාරස්ථ දායක සභාව මෙවර පෙරහර සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ද එක්විය.

(Aruna)