දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මාර්තු මස 5 වනදා සිට අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 5ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු කළ යුතු බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව ඔහු සදහන් කළේය.
මාර්තු 5 වන දිනෙන් පසු කොළඹ සිට අනුරාධපුරය බලා පමණක් දුම්රිය ගමන් කිරිමට නියමිත අතර යාපනය සිට කිළිනොච්චිය දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇති.
අදාළ ගමනාන්ත අසළින් අනුරාධපුරයේ සිට යාපනය දක්වා බස් සේවයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
(Aruna)