රු. 2000 සහන මල්ල ලැබෙන පවුල් මෙන්න
මෙවර අයවැය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා යෝජිත ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන යටතේ රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ් අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට එම සහන මල්ල හිමි වේ.
මීට අමතරව වතු කම්කරු පවුල් 115,867 ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් බැගින් සහන මිලට ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම සහන මල්ල ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් නිකුත් කිරීමට නියමිතයි.
අතර ඔවුන්ට එය භාවිතා කරමින් සුපිරි වෙළඳසැල් හරහා සහනමිලට භාණ්ඩ ලබාගත හැක.
(Aruna)