Monday, February 16, 2026
Follow Us
මැති ඇමතිවරුත් පා පැදියෙන් රාජකාරියට

ඉදිරියේදී වෙන්න යන වැඩක් ගැන මහින්ද කියයි


පාපැදියෙන් රැකියාවට පැමිණීමේ ආදර්ශය ඉහළ සිට ලබාදීමේ එකඟතාවයකට පැමිණ ඇති බව අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඒ අනුව ඉදිරියේදී මැතිඇමතිවරුන් ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණෙනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ආරක්ෂක ප්‍රශ්න ආදිය නිසා එක්වරම මෙය ක්‍රියාත්මක කළ නොහැකි වුවත්, ක්‍රමානුකූලව සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමතිවරුන්ට ද පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් ඇතිවනු ඇති බව ඔහු පවසයි.

(Aruna)