Monday, February 16, 2026
Follow Us
යුක්‍රේන ශ්‍රී ලාංකිකයින් ගැන අවධානය

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්


යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේනයේ පවතින ගැටුම්කාරී වාතාවරණය මත බොහෝ රටවල් මේ වන විට යුක්‍රේනයේ වෙසෙන එම රටවල වැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යුක්‍රේනයේ තුළ මේ වන විට ශ්‍රී ලාංකිකයින් හතළිස් දෙනකු පමණ සිටින අතර ඉන් හත්දෙනකු සිසුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එම ශ්‍රී ලාංකිකයින් මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව එරට තුළ රැඳී සිටින බව එම අමාත්‍යාංශය පැවසීය.

යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා හි පිහිටි තානාපති කාර්යාලය හරහා එම කටයුතු මේ වන විට සිදුකෙරේ.

ඒ අනුව හදිසි තත්වයක් ඇති වුව හොත් එම ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

(Aruna)