Monday, February 16, 2026
Follow Us
ආදරවන්තයන්ගේ දිනයේදී ‘ආදරයට පැළයක්’

ආදරවන්තයන්ගේ දිනයේ පරිසර අමත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක්


ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් අද (14 වැනිදා) ‘ආදරයට පැළයක්’ නමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වෙන බව පරිසර අමත්‍යාංශය සඳහන් කළේය. පරිසර අමාත්‍යාංශය, පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල (හරිත සරසවිය) මණ්ඩපය හා ශ්‍රී ලංකා සංවර්ධන පදනම ඒකාබද්ධව මෙම රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පසුගිය වසරේදී ද පරිසර අමාත්‍යාංශය විසින් ආදරවන්තයන්ගේ දිනයේ දී ‘ආදරයට පැළයක්’ රුක්රෝපණ වැඩසටහන ආරම්භ කළේය. ඒ අනුව මී පැළ 50,000ක් රෝපණය කරනු ලැබීය. මෙම වසරේ දී ද එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර උපදෙස් ලබාදී ඇත.

(Aruna)