Monday, February 16, 2026
Follow Us
බූස්ටර් එන්නත් නොගත්තොත් වෙන්නේ මේකයි

සෞඛ්‍ය ඇමතිගෙන් අනාවරණයක්


කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගෙන් බහුතරයක් බුස්ටර් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති කොවිඩ් මරණවලින් සියයට 99ක් බුස්ටර් එන්නත් ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මේ වන විට එන්නත් මාත්‍රා මිලියන් 8ක් ශ්‍රි ලංකාව සතුව පවතින බවද බිබිල රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපි පළමු දෙවැනි එන්නත අතින් ලෝකයේ පළමු වැනි රටවල් තුන හතර ඇතුළේ ඉන්නේ. ඒ කියන්නේ 102%ක් පළමු එකත්, 9%ක් දෙවැනි එක. ඇවරේජ් ගත්තහම 95%ක් වගේ තියෙනවා. එතකොට තුන්වැනි එක මිලියන 14 හමාරක් පාර්ලිමේන්තුවේ පළමු පැයේ හැමදාම ලොකු අදෝනාවක් ගෙනිච්චට ඇත්ත කතාව තමා, අපි පෙර සුදානමකින් හිටියේ මේ වනවිටත් මං ගාව මිලියන 8ක් තියෙනවා. අපේ කිසිම අඩුවක් නෑ වැක්සින්වල. ලෝකයේ හුඟාක් පුද්ගලයෝ ආණ්ඩු පස්සේ දුවනවා වැක්සින් එක ඉල්ලගෙන. ලෝකයේ එකම රට ආණ්ඩුව පුරවැසියන් පස්සේ දුවනවා වැක්සින් එක දෙන්න ලංකාවේ. දැන් මේ වෙනකොට 60% පැනලා තියෙනවා. අපි විශ්වාස කරනවා හැම වැක්සින් එකකින්ම යම් රැකවරණයක් තියෙනවා. ඔමික්‍රෝනවලත් මරණ සංඛ්‍යාවේ වැඩිවෙලා තියෙන්නේ 99%ක් ම වැක්සින් එක ගන්නේ නැති අය. අනෙක් අය සංකූලතාවයන් තියෙන අය”

(Aruna)