Monday, February 16, 2026
Follow Us
පෙට්‍රල් රු. 16කින් සහ ඩිසල් 50කින් ඉහළ යයි?

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව අද යළිත් බලශක්ති ඇමැති අතට

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14 වැනිදා) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ පැවසුවේය.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බව ඔහු පවසා සිටියේය. පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු පවසා සිටියේය.

(Aruna)