Monday, February 16, 2026
Follow Us
සමෘද්ධි සහනාධාරය සියයට 28 කින් හෙට සිට වැඩිවෙයි

සමෘද්ධි සහනාධාර මුදල හෙට සිට සියයට 28 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩිවූ සහනාධාර මුදල හෙට සිට සමෘද්ධි මූල බැංකු හරහා ලබාගැනීමේ අවස්ථාව සමෘද්ධි ලාභීන්ට හිමිවන බවයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.

වැඩි කළ මෙම සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000 ක අමතර පිරිවැයක් රජය විසින් දැරිය යුතු වනවා. සමෘද්ධි සහනාධාරය සඳහා මෙම වසරේ වැය වන මුලු මුදල රුපියල් මිලියන 65, 000 ක්.

කෙසේවෙතත් සමෘද්ධි සහනාධාරය ලබාගැනීමට නුසුදුසු පුද්ගලයින් රැසක් මේවනවිටත් සමෘද්ධි සහනාධාරයෙන් ප්‍රතිලාභ ලබන බවයි සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය පැවසුවේ.

(Neth)