මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ අනුව ගෝලීය වශයෙන් මෙරට සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යංශය මගින් මේවනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් මෙරට සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සෙසු රටවල සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ගෙන ඇති පියවර පිළිබඳ අවධානය යොමු කරමින් මෙරට සංචාරක පනත ද සංශෝධනය කිරීමට ද අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)