සතොස සභාපතිවරයාගේ හා එහි ප්‍රවාහන කළමනාකරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්.
නෙත් නිවුස් කළ විමසීමකදී වෙළඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් වන තුරු මෙලෙස සේවය අත්හිටුවා ඇති බවයි. සතොස සභාපතිවරයාට හා එහි ප්‍රවාහන කළමනාකරුට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඊයේ දිනයේදී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපතිවරයා ද එම ධූරයෙන් ඉවත් කෙරුණා.
(Neth)