Monday, February 16, 2026
Follow Us
උ/පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ඒ දිනයට අදාළ කාලසටන සවිස්තර කරමින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවත් විභාග කාර්ය මණ්ඩලය අදාළ උපදෙස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

මේ අතර රෝහල් ආශ්‍රිත විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට ඇන්ටිජන් හෝ ඵ්Cර්‍ පරීක්ෂණ වාර්තාව ලබා දින 7 කට පසු නිවෙස් වෙත ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේය.

(Aruna)