Monday, February 16, 2026
Follow Us
ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

කේෂ්ත්‍ර කිහිපයක වෙනසක්


ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණ පරිදි , ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

1 – විදුලි බල සැපයුම.

2 – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.

(Aruna)