විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ගත් තීරණය
ලබන 14 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.
මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටියේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසටයි.
(Aruna)