මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයිනගේ වැඩිවීම සුලුවෙන් තැකිය නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
එබැවින් නිවැරදි සෞඛ්‍ය පුරුදු දැඩිව ආරක්ෂා කිරීම මෙන්ම බූස්ටර් මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ද අත්‍යවශ්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ඉදිරි සති කිහිපයේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් තවත් වැඩිවීමේ අවධානමක් පවතින බවයි.
මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් සියයට 95 කට දෙවැනි මාත්‍රාව ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ළමුන්ගෙන් ද සියයට 98 ක්ම මේ වන විටත් එන්නත් කර අවසන්. බූස්ටර් මාත්‍රාව ලැබූ සංඛ්‍යාව ද ලක්ෂ 60 කට ආසන්නවී තිබෙනවා.
(Neth)