Monday, February 16, 2026
Follow Us
බූස්ටර් එන්නත් මාත්‍රාව ඉදිරි මාස කිහිපයේදී ඉලක්කගත පිරිසට ලබාදීමේ සැලසුමක්

ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත් මාත්‍රාව ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් සහ මරණ පහළ යාමක් පෙන්නුම් කරන විට ජනතාව බූස්ටර් මාත්‍රාව පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි.

එහෙත් ආසාදිත සහ මරණ අගයන්හි වැඩිවීමක් පෙන්නුම් කරන විට බූස්ටර් මාත්‍රාව පිළිබඳ පවතින උනන්දුව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ඊයේ දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,297 දෙනෙකු හඳුනා ගැනුනා.

(Neth)