උසස් පෙළ සමත් සිසුන්ට නිවේදනයක්
2020-2022 අධ්යයන වර්ෂය සඳහා විශ්වවිද්යාල ලියාපදිංචිය ආරම්භ කර තිබේ.
පසුගිය දෙසැම්බර් 29 වෙනිදා නිකුත්කළ නැවත සමීක්ෂණ ප්රතිඵල වලට අනුව එම ලියාපදිංචිය ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ සඳහා අවශ්ය කඩයිම් ලකුණු පසුගිය 4 වෙනිදා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ පාඨමාලාව සඳහා තෝරා ගත් සිසුන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිව තිබේ.
ඒ සඳහා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචි වීමේ කටයුතු සිදුකර ගත හැකිය.
(Aruna)