Monday, February 16, 2026
Follow Us
කටුනායක ගුවන් තොටුපොලට මගී ප්‍රවාහන දුම්රිය සේවයක් ඇරඹිමට සැලසුම්

කටුනායක ගුවන් තොටුපොල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී නව දුම්රිය මාර්ග සකස් කිරීම විදේශීය සමාගම්වලට ලබා නොදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට නව තාක්‍ෂණය හදුන්වාදීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

(Neth)