දිවයින පුරා ගොවීන්ගෙන් අමුකහ කිලෝග්‍රෑම් ලක්‍ෂයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව කුලුබඩු, වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා කුලුබඩු අලෙවි මණ්ඩලය ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ගොවින්ගේ අස්වැන්න එලෙස මිලදී ගත් බවයි රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
අමු කහ කිලෝ ග්‍රෑම් එකක් සදහා ගොවීන්ට ගෙවා ඇති මුදල රුපියල් 165 ක්. එලෙස මිලදී ගන්නා අමු කහ, වියලා කහ කුඩු සකස් කර කුළු බඩු අලෙවි මණ්ඩලයේ අලෙවිසැල් හරහා සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කරන බවද එම රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.
(Neth)