Monday, February 16, 2026
Follow Us
වාහන අලංකරණය සහ වෙනස් කිරීමට පැවති සීමා ලිහිල් කිරීමට අවධානය

වාහන එකලස් කිරීමේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දේශීයව අගය එකතු කිරීමේ ප්‍රතිශතය ක්‍රමානුකූලව ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වාහන නිෂ්පාදනයේදී සහ වාහන සදහා නව අංග එක් කිරීමේදී මෙතෙක් පැවති නීතිමය බාධා ඉවත් කිරීමටද පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)