Monday, February 16, 2026
Follow Us
විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් කළ ඉල්ලීම


අද (09) දිනයේ විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ දැනට පවතින ධාරිතාවයෙන් අද (09) දිනයේ විදුලි ඉල්ලුම සපුරා ගත හැකි බවයි.
එය එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

(Aruna)