සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කරන බව සංචාරක අමාත්‍යංශය පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවනට සහන සැලසීමේ වැඩ පිළිවෙල යටතේ 2020 වසරේදී මෙම සහනය ප්‍රකාශයට පත් කළ අතර මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කළ බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හා බලපත්‍රලාභී මාර්ගෝපදේශකයන් පමණක් විදෙස් සංචාරකයන්ට මාර්ගෝපදේශ සේවා සදහා යොදවා ගැනීම අනිවාර්ය කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.
(Neth)