Monday, February 16, 2026
Follow Us
එන්නත් කාඩ්පත නොමැති පිටස්තර පුද්ගලයින්ට අද සිට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුල්වන පිටස්තර පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. එන්නත් කාඩ් පතේ පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවට සදහන්ව තිබිය යුතු බවත්, පාර්ලිමේන්තුවේදී එය පරික්ෂා කරන බවත්, යම් කෙනෙකුට එය තහවුරු කළ නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවට ඇතුල් විය නොහැකි බවයි ඔහු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49 දෙනෙකුට මේ වනවිටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 85 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබා ගෙන ඇති බවත්, තුන්වෙනි මාත්‍රාව ලබා නොගත් මන්ත්‍රීවරුන් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තු සේවකයින්ගෙන් වැඩි පිරිසක් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

(Neth)