Monday, February 16, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක් නැතැයි සහතිකයක්

අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත තහවුරු කළේ විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ දක්වා ඉල්ලීමක් හෝ ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් බලාගාර කිහිපයක මේ වනවිට ඉන්ධන අඩුවෙමින් ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ.

ඔවුන් සදහන් කළේ අඛණ්ඩ විදුලි සැපයුම තවමත් ඇත්තේ අර්බුදයක බවයි.

ගෙවුණු සති අන්තයේ මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,370 ක සාමාන්‍ය අගයක පැවතුනා. සති අන්තයේ එසේ වුවද සතියේ වැඩ කරන දිනයක් වන අද දිනයේ විදුලි ඉල්ලුම උපරිම මට්ටමකට ළගාවීම ඉකුත් සති කිහිපයේ දැකගත හැකි වූ සාමාන්‍ය කරුණක්.

ඉකුත් සදුදා දිනයේ ද මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700 සීමාවට පැමිණියා. අද දිනයේද මෙගාවොට් 2,750 ක පමණ විදුලි පරිභෝජනයක් සිදුවුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවටයි අදහස් පළ වුණේ.

(Neth)