Monday, February 16, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිනොවේ

බස් ගාස්තුව ගැන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියූ දේ


ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හින්දු සංස්කෘතික ශාලාවේදි පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 

(Aruna)